Wednesday, January 14, 2009

untitled

පුස්තකාල දෙකකින් ගත්ත පොත් 4කම කාලේ පැනල.ඒ උනාට පුස්තකාල පැත්තෙ යන්න හිතෙන්නෙ නෑ මේ බ්ලොග් වැඩේ නිසා. ඇදෙන් බිමට බහින්නේ මලයා ක්ලාස් යන්න ඔන්න මෙන්න තියල. මොකද එතකොටනේ මට කොම්පියුටරේට අත ගහන්න ලැබෙන්නෙ. අපෙ ගෙදර කොම්පියුටරේ දැන් පැය විසි හතරෙම වැඩ.මම දවස පුරාම ඉන්ටෙර්නෙට්. බ්ලොග් වැඩේට බැස්ස අයට නම් මේක සාමන්ය දෙයක්.

ලන්කාවෙ බ්ලොග් දිහා බලනකොට මට තෙරුන ගෑනු ලමයි වැඩිය බ්ලොග් ලියන්නෙ නැ කියලා.අනේ මම කාන්තා විමුක්තියට කතා කරනවා නෙවේ. ඒත් මේකට හේතුවක් තියෙන්න එපයැ. ඔයලා මොකද හිතන්නෙ?



5 comments:

  1. අපේ කැම්පස් එකේ නම් කෙල්ලො ගොඩක් අය බ්ලොග් එකක් කියන්නේ මොකද්ද කියලවත් දන්නේ නෑ. මුං පොත් වලම ඉන්නවා විතරයි. උන්ට ලෙක්චර් එකේ ඉස්සරම පේළියේ වාඩි වෙන්න තියෙනව නම් ඊට වඩා දෙයක් නෑ. ඒත් ඉතිං අන්තිමට කුප්පියක් දාගන්නවත් ඉන්නේ කෙල්ලො දෙතුන් දෙනයි. වැඩි හරියක් කුප්පි දාන්නෙත් කොල්ලොම තමයි. මම මේ පුරුෂාධිපත්‍ය ගැන කියවනවා නෙවෙයි හොඳේ. අනේ මංදා ඇයි කියල ඒගොල්ලො ඒ ගොල්ලන්ටම සීමා පනවගෙන. පරිගනකයක් ළඟට ඇවිත් mail check කරන එක,facebook යන එක, නැත්තම් ඉගෙන ගන්න දෙයක් හැරුණාම වෙන කරන දෙයක් නෑ. අපි මොනවහරි වෙන දෙයක් අමතරව ඉගෙන ගන්න‍ කොට ඒගොල්ලො හිතන්නේ අපිට පිස්සු කියල, නැත්තම් ඕව ඉගෙන ගෙන වැඩක් තියෙනවද? කියල. උදාහරණයක් විදියට technical subject එකක් ගමු. අපිට networking technologies වලට web server එකක් ලියන්න දුන්නා බැච් එකේ කෙල්ලො 10ක් වත් ඒක තනියම කලේ නෑ. සමහර කොල්ලො වෙනස් වෙනස් විදියට web server 4,5 ලියපු අය ඉන්නවා. මමත් 3ක් හරි 4ක් හරි ලිව්වා(බ්‍රයන්ගෙනුයි තව ශාකුන්තල ගෙන් එහෙම ඉගෙන ගෙන) ශාකුන්තල 10 ක් ලිව්වා‍ බ්‍රයන් 19ක් ලියල. කෙල්ලො ගොඩක් අය ලියන්න උත්සහයක්වත් අරගෙන නෑ. අපිනම් අවුරුදු නිවාඩුවේ වැඩ ඇල්ලුවෙත් web server එකෙන්.

    ReplyDelete
  2. මොකක්ද කිව්වෙ?? ඔයාලගේ කැම්පස් එකෙත් එහෙමද?තත්වය ගොඩක් දරුනු වෙලා වගේ. මම ඔය ගැන ඊලගට ලියන්න යන්නේ.කට්ටියගේ අදහස් දැනගන්න තමා මේ පෝස්ට් එක දැම්මෙ

    ReplyDelete
  3. හේතුව නේද? ඕකට නියම හේතුව මට කිව්වේ ඇබ්නෝමල් දෙසිතක නෝමල් සිතුවිලි ලියන මලී මසාජ් නොහොත් $$$$$$$$$$$. (මසාජ් කිව්වෙ විහිළුවට) ඇත්ත තත්වය ලංකාවෙ තියෙන ක්‍රමේ හැටියට ගැහැණු කෙනෙකුට නිදහසේ අදහස් දක්වන්න පුළුවන් තත්වයක් තවම නැහැ. ඒ නිසා තමයි වෙනත් නමකින් පෙනී ඉඳිමින් නිදහසේ ලියන්නෙ. ඒත්, ගොඩක් දෙනා අන්තර්ජාලයේ තමන්ගෙ පෞද්ගලිකත්වය ආරක්ෂා කරගන්න දන්නෙත් නෑ ඒ වගේම බයයි. ඔන්න ඕකයි හේතුව.

    අපේ බැච් එකේ කෙල්ලො ගැන වැඩිය කතා කරන්න දෙයක් නෑ. මේකෙ ලින්ක් එක දුන්නොත් අහයි ඇයි මේකෙ ?????? පේන්නෙ කියල. සුළු පිරිසක් ඉන්නව අනිත් අයත් එක්ක හොඳ සන්නිවේදන සම්බන්ධතාවයක් තියාගන්න ගමන් අනිත් අයත් එක්ක දැනුම හුවමාරු කරගන්න. නමුත් ගොඩක් දෙනාගෙ තත්වය දුක්ඛදායකයි. ඒ අයට ඕන ගිරවුන් වගේ පොත කටපාඩම් කරන්න විතරයි වෙන්න විතරයි.

    මම අවුරුදු නිවාඩුවේ නොනගතය වෙලාවෙත් වැඩ කරලා ලිව්ව web server එක මගේ කැම්පස් ජීවිතේ හොඳම assignment එක වුණා. :D

    ReplyDelete
  4. මාත් එක කියෙව්ව. ඇත්ත තමා. මට හොද හොද එවා කටට එනවා කියන්න. එත් මට තම සින්හල යුනිකොඩ් පුරුදු නැ. එක නිසා ඊලග පොස්ට් එකත් එන්ග්‍රිසියෙන්ම දනවා.

    ow math dakinne lankawe sajaye thiyana adahas wala thiyana waradda tama okkotama mula. amam dan dawasemanet inna eke ape samara nada yonta llanne na. uyanna onelu, ganu lamayek unama gedara wada dangena inna onelu. oya bane ahala epa wela dan eth ape amlli paya 24k newe 48k eka digata machien emke hitaiyath katawath ganak. na. hamoma kiyanne kollo ohomane kiyala.

    ane manda. mewa gana kata karala iwara karanna ba.

    monawa unath mama sathutu wenawa mata labuna ammai, ththai, malli gana. specially malli. eya ekka randu wena warak warak gane tama mama computer gana danaganne

    ReplyDelete
  5. මම හිතන්නේ ඔය ප්‍රශ්නෙට හේතුව සංස්කෘතික බලපෑම... අපේ පරණ සංස්කෘතියට අනුව ගෑනු ලමයි කියන්නේ ගෙදර වැඩ පිළිබඳ දක්ෂ වෙන්න ඔනේ අය...පිරිමි ලමයි අතේ හුරුව හොඳට දැන ගන්න ඔනේ.... ගෑණු ලමයි ඉගෙන ගන්න යවනවා කියන එක අපේ අම්මලාගේ කාලේ අමුතු දෙයක්... අපේ අම්මලා ඉගෙන ගත්ත පොඩ්ඩ දේ හරි උගන්වන්න යවද්දී ගමේ අය ආච්චිට කියලා තියෙන්නේ රජ කරවන්නද යවන්නේ කියලා..

    මම පෞද්ගලිකව දන්න අපේ කැම්පස් එකේ ගෑනු ලමයි ඉන්නවා "දැන් ඉගෙන ගත්තා ඇති, ගෙදර එන්න" කියලා ගෙදරින් බලපෑම් තියෙන අය.. මේකට හේතුව අපිට නැතිවෙලා ගිය සංස්කෘතියයි ‍දැන් කාලේ සංස්කෘතියයි අතර අතරමං වෙච්ච දෙමාපියෝ... පහුගිය අවුරුදු 50 තිස්සේ ලංකාවේ ලොකු වෙනස් කම් ටිකක් වුනා, සාපේක්ෂව ඉතා වේගයෙන්... ඉතින් ඒ අවුරුදු 50 තුල ජීවත් වෙච්ච් දෙමාපියෝ අතරමං වීමත් පුදුම නෑ... ඉතින් ඒ අය හිතන්නේ දුවව හොඳ තැනකට බන්දලා දීලා නිදහස් වෙන එක... දුවෙක් ඉන්නේ බන්දලා දෙන්න.. පුතෙක් ඉන්නේ රටට වැඩ කොරන්න... එහෙමයි ඒ අයගේ චින්තනය.

    අපේ කැම්පස් අයට වෙලා තියෙන්නේ රස්සාවක් හොයාගන්න ඉගෙන ගැනීම මිසක් වෙන දෙයක් ඕන නොවීම.. ඒ ගැන මම මගේ බ්ලොග් එකේ කලින් ලියලා තියෙනවා.. ඒත් ගැහැනුන් තුල තිබෙන හැකියාව (potential) මේ සමාජෙට හරියට යොදා ගන්න බැරි "රස්සාව" ගැනම හිතන නිසා.. ඒකට ගැහැනු පිරිමි දෙගොල්ලන්ම පලි...

    ගැහැනුන් තුල (75% and decreasing) ස්වාභාවයෙන්ම තියෙනවා හීනමානයක්.. මට පිරිමි තරම් වැඩ කරන්න බෑ තියලා... ඒ හීනමානය ඇති වෙන්න හේතු තමයි උඩ ඉඳන් පැහැදිලි කලේ... ඒහෙම බලනකොට යට ගිය සංස්කෘතිය ඇදගෙන උඩ පනින එකත් එච්චර හොඳ නෑ නේද.....

    බ්ලොගින් ගැන කියනවා නම් ප්‍රමාණය පොඩ්ඩ වුනත් මගේ මතයට අනුව ඉතාමත් හොඳ බ්ලොග් ලියන ගැහැනු අය වැඩියි... පොඩ්ඩක් හොයලා බලන්න...

    ReplyDelete